අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබෙනවා.

අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයට බලපා ඇති අධික සුළං සහිත ශීත කාලගුණ‍යෙන්, දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් සිදුව තිබෙනවා.

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය සහ ඊසානදිග ප්‍රාන්ත කිහිපයකට ප්‍රබල හිම කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.
රහසිගත රාජ්ය ලිපිගොනු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා ගොනු නොකිරීමට ඒ පිළිබඳ පත්කල විශේෂ උපදේශකවරයා තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, IMF මූල්‍ය පහසුකමේ, අමෙරිකානු ඩොලර් මිලියන 330 ක දෙවැනි අදියර ලබා ගැනීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ සඳහා IMF විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම ඊලඟ පියවරයි.

අමෙරිකාවේ නෙවාඩා හි, රේනෝ” නගරයේ ජාතික ශූරතා ගුවන් ධාවන තරගයකදී සිදු වූ අනතුරකින්, ගුවන් නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

“ලී” සුළි කුණාටුවෙන්, ‍‍අමෙරිකාවට සහ කැනඩාවට දැඩි හානි සිදුව තිබෙනවා. කැනඩාවේ “නෝවා ස්කෝෂා” ප්‍රාන්තයේ එක්ලක්ෂ විසිදහසක පමණ පිරිසකට, විදුලි විසන්ධිවීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

“ලී” සුළි කුණාටුව බලපෑම 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරනවා. “ලී” නිවර්තන සුළි කුණාටු තත්වය මේ වනවිට පැයට කිලෝ මීටර 112 ක් දක්වා වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා අංශ තවදුරටත් නිවේදනය කර සිටිනවා. කැනඩාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි සුළං ප්‍රවාහයත් සමග, අධික වර්ෂාපතනයක් ද හටගෙන තිබෙනවා. අමෙරිකාවේ “මෙන්” ප්‍රාන්තයේ ගස් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මේ වනවිට කැනඩාවේ ගුවන් ගමන් වාර සහ රථ වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර “නිව් ඉංග්ලන්ඩ්” සහ කැනේඩියානු ප්‍රාන්ත ගණනාවක කුණටු අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කොට තිබෙනනවා.

සුළි කුණාටු තත්වය “ලෝන්ග් අයිලන්ඩ්” ගොඩබිම හරහා උතුරු දෙසට ගමන් කරන බව වාර්තා වනවා. “ලී” නිවර්තන සුළි කුණාටුව අත්ලාන්තික් සාගර කලාපය තුළ සතියකට වඩා වැඩි කාලයක්, ප්‍රදේශ රැසකට ප්‍රබල බලපෑම් එල්ල කළ සුළි කුණාටු තත්වයක් ලෙස කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කොට සිටිනවා.

ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත අමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් මණ්ඩල සභික ක්‍රිස්වැන් හොලන් මහතා, ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර, විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

මධ්‍යවාර මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයින් ඇමතීමට ඡෝ බයිඩන්, බැරැක් ඔබාමා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවට පැමිණියා. 

Latest News