අමෙරිකාවේ ට්‍රක් රථ සිද්ධියේ සියල්ල එළියට

ජන 02, 2025
    අමෙරිකාවේ "නිව් ඔර්ලියන්ස්" හි සිදු වූ ප්‍රහාරයේ සැකකරු, ටෙක්සාස් හි 42 දෙහැවිරිදි ෂම්සුඩ්-ඩින් ජබ්බාර් බවට හඳුනා ගෙන තිබෙනවා.

    ඔහු අමෙරිකානු පුරවැසියෙකු වන බවයි, වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 15 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්තයක් වන ලුයිසියානාහි නව වසර උදාව සැමරීම සඳහා ඊයේ රැස්ව සිටි නගර වැසියන් සහ සංචාරකයින් පිරිසක් යටකරමින් මොහු ට්‍රක් රථයක් ධාවනය කර තිබෙනවා.
    එහිදී පුද්ගලයින් දස දෙනෙකු මිය ගියා.
    ට්‍රක් රථයෙන් පැමිණි සැකකරු, මාර්ග ආරක්ෂාවට යොදා සිටි පොලිස් භටයන්ට ප්‍රථමයෙන් වෙඩි තබා ඇති බව සඳහන්.
    අනතුරුව ජනතාවගෙන් පිරී තිබූ "බර්බන්" වීදීයේ මාර්ග බාධක බිඳ ගෙන ප්‍රහාරකයා සිය ට්‍රක් රථය සෙනග අතරට ධානය කළ බව, සිද්ධිය දුටුවන් පවසනවා.
    අනතුරින් 35 කට අධික පිරිසක් තුවාල ලැබුවා.
    හඳුනාගත් සැකකරු, පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙනවා.
    ඔහු පැදවූ ට්‍රක් රථයේ තිබී අයි එස් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමට අයත් ධජයක් සොයා ගත් බවයි, වාර්තා වන්නේ. ප්‍රහාරය ත්‍රස්තවාදි ක්‍රියාවක් බව, අමෙරිකානු "එෆ් බී අයි" සේවය පවසනවා.

    Latest News