59 වන අමෙරිකානු ජනාධිපතිවරණය සටනේ දී ජෝ බයිඩන් ඉදිරියට

නොවැ 05, 2020

    ඩිමොක්‍රටික් ජනාධිපතිධූර අපේක්ෂක ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

    මිචිගන් ප්‍රාන්තය ජයගැනීමත් සමග ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල 264ක් ලබාගෙන සිටී.

    නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 214ක් පමණි.

    කෙසේ වෙතත් ධවල මන්දිරයේ සිට ප්‍රකාශයක් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04) කියා සිටියේ තමා මැතිවරණය ජයගෙන අවසන් අතර ඉතිරි ඡන්ද ගණන් කිරීම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවය.

    Latest News