අමෙරිකාවේ 59 ජනාධිපතිවරණය තවත් උණුසුම් අතට

නොවැ 05, 2020

    අමෙරිකාවේ 59 ජනාධිපතිවරණය තවත් උණුසුම් වෙමින් පවතින බව වාර්තාවේ.

    ඒ අතර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශ කිරීම තවදුරටත් කල් ගත වන ලකුණු පෙන්නුම් කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් යන දෙදෙනාම ජනාධිපතිවරණ සටනේ ජයග්‍රහණයට හිමිකම් කියමින් සිටින අතර එම දෙපාර්ශවයම අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.

    මිඩ් වෙස්ට් කලාපයේ තීරණාත්මක ප්‍රාන්ත දෙකක් වන විස්කොන්සින් සහ මිචිගන් ප්‍රාන්ත ජයග්‍රහණය කරමින් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්න වී සිටියි.  නියෝජිත ඡන්ද 538 කින් 270 ක් ලබන අපේක්ෂකයා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස තීරණය වේ. මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 264ක් ලබාගනිමින් ඉදිරියෙන් පසුවනවේ. මේ වනවිට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 214කි.

    විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයත් සමඟ ඡන්ද නැවත ගණන් කරන ලෙස ජනපති ට්‍රම්ප්ගේ පාර්ශවයෙන් ඉල්ලා සිටි බව සඳහන් වේ. කෙසේ නමුත්, නැවත ගණන් කිරීමකදී අභිබවා යාමට අසීරු පරතරයක් ජෝ බයිඩ්න් පවත්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 නොවැම්බර් 2020 11:03

    Latest News