ගෝලීය කොවිඩ්19 ආසාදිතයින් හාරකෝටි හැත්තෑතුන් ලක්ෂය ඉක්මවයි

නොවැ 03, 2020

    ගෝලීය කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව අද වන විට හාරකෝටි හැත්තෑතුන්ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව දොළොස්ලක්ෂ එකොළොස්දහසකට අධිකයි.

    කොරෝනා වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ, අමෙරිකාවෙනි. එම සංඛ්‍යාව මේ වන විට අනූපන් ලක්ෂය ඉක්මවා තිබේ. අමෙරිකාවේ මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 236,000කි. ආසාදිතයින් වැඩිම රටවලින් දෙවැනි තැනට පත්ව ඇත්තේ අසල්වැසි ඉන්දිවයි. එරට ආසාදිතයින් සංඛ්‍යාව අසූදෙලක්ෂ හැටහත්දහසකට අධික වන අතර, මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 123,139කි.

    ලොව තෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව පනස්පන්ලක්ෂය ඉක්මවා ගොස් ඇත. එරට මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසකට අධිකයි. රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව දහසය ලකෂ පනස් දහසකි.

    Latest News