කාබුල් විශ්වවිද්‍යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් 22 කු ජීවිතක්ෂයට

නොවැ 03, 2020

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ල වෙයි.

    ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙක් ඇතුළු 22දෙනෙක් ඉන් මිය ගියහ.

    තවත් 22දෙනෙක් තුවාල ලැබූහ.

    ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ කාබුල් අගනුවර බස්නාහිර ප්‍රදේශයේ පිහිටි කාබුල් විශ්වවිද්‍යාලයට ඊයේ (02) ප්‍රහාරය එල්ල වූ බවයි.

    ආයුධ සන්නද්ධ කල්ලියක් කාබුල් විශ්වවිද්‍යාලයේ ‍නැගෙනහිර දොරටුව ආශ්‍රිතව බෝම්බ පුපුරා හැර විශ්වවිද්‍යාලයට ඇතුළු වූ බව එම ප්‍රකාශකයා පවසයි.

    අනතුරුව එහි පැමිණි එරට ආරක්ෂක හමුදාව හා සන්නද්ධ කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් හට ගැනිණ.

    මේ දක්වා, කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයෙක් මෙම ප්‍රහාරය පිළිබඳ වගකීම් භාර ගෙන නොමැත.

    පසුගිය සති දෙක තුළ, ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ අධ්‍යාපන ආයතනයකට එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙයයි.

    Latest News