ජර්මානුවන්ට දැඩි නීති - ජර්මානු චාන්සලර් ඇන්ජෙල් මර්කෙල්

නොවැ 03, 2020

    යුරෝපය පුරා මේ වනවිට නව කොරෝනා වයිරසය දෙවැනි රැල්ල වේගයෙන් පැතිර යමින් තිබෙන අතර, දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

    එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් - 19 අර්බුදය ද උග්‍ර අතට හැරෙමින් තිබේ.

    මේ වනවිට ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 46 ඉක්මවන අතර, ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.2ට ආසන්නවී තිබේ.

    නව කොරෝනා මේ ආකාරයෙන් නැවත වේගයෙන් පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ දැනටමත් දැඩි කඩා වැටීමකට ලක්ව තිබෙන ගෝලීය ආර්ථිකය තවදුරටත් උග්‍ර අර්බුදයකට පත්වීමේ අනතුරු සංඥා දැනටමත් දක්නට ලැබෙමින් ඇත.

    නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා දැඩි කරන බවත් ඒවා මේ මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වන බවත් ජර්මානු චාන්සලර් ඇන්ජෙල් මර්කෙල් ප්‍රකාශ කළාය.

    කෙසේ නමුත් ජර්මානුවන් ඔවුන්ගේ නිවෙස්වලට කොටු නොවන අතර, එසේ වුවත් බීමහල්, අවන්හල්, ආපනශාලා, සිනමාශාලා, රංගශාලා සහ ඔපෙරා ගීත නාටක හා සංගීත සංදර්ශන පැවැත්වෙන ශාලා වසා දැමිය යුතුයි.

    Latest News