බ්‍රිතාන්‍යයේත් ප්ලාස්ටික් තහනමක්

ඔක් 03, 2020

    එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් බීම බට හා ප්ලාස්ටික් ආහාර බහාලුම් බ්‍රිතාන්‍ය තුල භාවිතය තහනම් කර තිබේ.

    බ්‍රිතාන්‍ය ජනතාව විසින් සෑම වසරකම ප්ලාස්ටික් බීම බට මිලියන 4.7ක් ඉවතලන බව වාර්තා වෙයි. බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක වන පරිසර සුරැකීමේ ව්‍යාපෘතිවල තවත් එක් පියවරක් ලෙසයි,මෙම ද්‍රව්‍ය භාවිතය තහනම් කර තිබෙන්නේ.

    මෙම තහනම මගින් මිනිසා විසින් පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීම ප්‍රධාන අරමුණයි. නීතියක් වශයෙන් මෙම පියවර ලබන අප්‍රේල් මස සිට ක්‍රියාත්මකයි. නමුත් අද සිට ප්ලාස්ටික් බීම බට හා ප්ලාස්ටික් භාවිතයෙන් නිර්මාණය කර ඇති ද්‍රව්‍ය කිහිපයක් ගෙන්වීම හා අලෙවිය තහනම් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 03 ඔක්තෝබර් 2020 13:07

    Latest News