ඇඟට අගුණ ප්ලාස්ටික් අයිතම තහනමක්

අගෝ 07, 2023

    ප්ලාස්ටික් යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ රැසක් තහනම් කර තිබෙනවා. එය ඉදිරි දෙසතිය තුළ ක්‍රියාත්මක බවයි පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසන්නේ.

    ස්ථාවර රටකට සැවොම එක මගකට' මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    ප්ලාස්ටික් මල්මාලා, එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැදි තහනම් කෙරෙන භාණ්ඩවලට අයත්.

    මීට අමතරව, ප්ලාස්ටික් බීම බට හා ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු තහනම් කිරීමට නියමිතයි.

    ආසියා පැසිෆික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර අධිකාරීන්ගේ 5 වැනි සංසදය ඔක්තෝබර් මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වෙන බව නසීර් අහමඩ් මහතා මෙහිදී කියා සිටියා.

    එය සංවිධාන කරන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය එක්වයි.

    Latest News