ට්‍රම්ප් හොඳ මානසික තත්වයකින්

ඔක් 03, 2020

    කොවිඩ්-19 රෝගය වැලැදුන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කර තිබිණ.

    ජනාධිපතිවරයා තෙහෙට්ටුවකින් පෙළෙන නමුත් හොඳ මානසික තත්වයකින් පසුවන බවත්,වැඩි සෞඛ්‍ය ආරක්ෂාව සඳහා රෝහල්ගත කළ බවත්,ධවල මන්දිරය පවසයි.

    ප්‍රතිකාර සඳහා වෝලිටර් රීඩ් හමුදා රෝහල වෙත ජනාධිපති ට්‍රම්ප් හා ඔහුගේ ආර්යාව ඇතුලත් කර තිබේ. වයස අවුරුදු 74ක් වන ජනාධිපතිවරයා,දැඩි අවදානමක සිටින බවයි,වෛද්‍යවරුන් පවසන්නේ.

    කොරෝනා වෛරසය මෙතෙක් මාරාන්තික ලෙස බලපා තිබුණේ,වයස අවුරුදු 65න් ඉහළ පුද්ගලයන්ට වීම එයට ප්‍රධානතම හේතුවයි. ආර්යාව මෘදු කැස්සක් හා හිසරදයකින් පමණක් පෙළෙන අතර,අසාධ්‍ය සංකූලතා නොමැති බවයි,වෛද්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    ජනාධිපති පවුලේ අනෙකුත් සාමාජිකයන් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව,ඔවුන්ට වෛරසය ආසාධනය වී නොමැති බවත්,ඔවුන් මනා සෞඛ්‍යයෙන් සිටින බවත්,වාර්තා වෙයි. අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව උප ජනාධිපති වෙත තාවකාලිකව බලය පැවරිය හැකි නමුත්,ජනාධිපති ට්‍රම්ප්ට තවමත් හොඳ මානසිකත්වයෙන් වැඩකිරීමට හැකියාව තිබෙන බවත්,ධවල මන්දිරය ප්‍රකාශයට පත්කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 03 ඔක්තෝබර් 2020 12:58

    Latest News