කොවිඩ් හඳුනාගැනීමට නව පරීක්ෂණයක්

සැප් 29, 2020

    කොරෝනා වෛරසය හඳුනාගැනීම සඳහා නව පරීක්ෂණයක් හඳුන්වා දීමට විද්‍යාඥයින්ට හැකිවී තිබේ.

    මෙමගින් ඉතා සුළු කාලයක දී වෛරස පරීක්ෂාවක් සිදුකළ හැකි බවයි,විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම පරීක්ෂණ සඳහා වැය වන්නේ ද සුළු මුදලක්. මෙම පරීක්ෂණ සඳහා විශේෂිත විද්‍යාගාර අවශ්‍ය නොවීම ද තවත් විශේෂත්වයක්.

    ඇතැම් දිළිඳු රටවල පර්යේෂණාගාර පහසුකම් නොමැති ඉතා දුර බැහැර ප්‍රදේශ සඳහා මෙය බෙහෙවින් වැදගත්වන බවයි,විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

    මෙය නිෂ්පාදනය කිරීම සඳහා සහ හඳුන්වා දීම සඳහා වැයවූ මුදල් ලබා දී ඇත්තේ,මයික්‍රොසොෆ්ස් සමාගමේ නිර්මාතෘ බිල්ගේට්ස්ට අයත් පුණ්‍යායතනයකින්.

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 12:51

    Latest News