දිළිඳු රටවල ණය සහනවලට මාස 6ක දිගුවක්

සැප් 29, 2020

    දිළිඳු රටවලට ලබාදෙන ණය සහනය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජී-7 කණ්ඩායමේ රටවල් සලකා බලමින් සිටියි.

    ඔවුන් ඒ පිළිබඳව ඉදිරියේ දී පැවැත්වෙන සමුළුවේ දී සාකච්ජා කිරීමට නියමිත බවයි,විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මීට පෙර ජී-20 රටවල් එක්ව ලොව දුප්පත්ම රටවල් 73ක් සඳහා මේ වසර අවසාන වන තෙක් ණය සහනයක් ලබා දුන්නේය.

    මේ අනූව මේ සිකුරාදා රැස්වන ජී-7 කණ්ඩායමේ රටවල මුදල් අමාත්‍යවරු ද මේ පිළිබඳ සාකච්ජා කරනු ඇති. ඔවුන් වීඩියෝ සාකච්ජාවකින් හමුවීමට නියමිත අතර,එමගින් ලොව පුරා මිලියන 33ක පමණ පිරිසකට ආසාදනය වී ඇති කොරෝනා වෛරස තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 12:50

    Latest News