ගෝලීය කොරෝනා මරණ දස ලක්ෂය ඉක්මවයි

සැප් 28, 2020

    ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද වන විට දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ වීනයෙන් ඇරඹි කොරෝනා වසංගතය මේ වන විට ලොව පුරා තුන්කෝටි තිස් තුන් ලක්ෂයකට අධික පිරිසකට ආසාදනය වී ඇති බවයි, නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොව රටවල් රැසක් තවදුරටත් පීඩාවට පත්ව සිටින අතර, වෛරසයට එරෙහිව මෙතෙක් නිශ්චිත එන්නතක් සොයා ගැනීමට ද හැකි වී නැත.

    එවැනි වාතාවරණයක ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ,වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් භාවිතයට පැමිණෙන විට ලොව පුරා ලක්ෂ 20ක පමණ පිරිසක් ඉන් මිය යනු ඇති බවයි.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 08:45

    Latest News