ටෙක්සාස්හි මාරානිත්ක ක්ෂුද්‍ර ජීවියෙක්

සැප් 28, 2020

    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ලේක් ජැක්සන්හි වැසියන්ට නල ජලය භාවිත කිරීමේ දී වැඩි සැලකිල්ලක් දක්වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබේ.

    ඒ ප්‍රදේශයේ පොදු ජල සැපයුමේ මාරාන්තික ක්ෂුද්‍රජීවී කාණ්ඩායක් සොයා ගැනීමත් සමගයි. මෙම ක්ෂුද්‍ර ජීවී කාණ්ඩාය මිනිස් මොලයට ආසාදන තත්වයක් ඇති කළ හැකි අතර,එය අතිශය මාරාන්තික වෙයි.

    නයිග්ලේරියා ෆවුලරි නම් මෙම ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය අමෙරිකාව තුළ අතිශය දුර්ලභ ඇමීබා විශේෂයක් ලෙසයි,සැලකෙන්නේ.


    වසර 2009 සිට 2018 දක්වා මේ සම්බන්ධ සිද්ධීන් 34ක් වාර්තා වෙයි. ලේක් ජැක්සන් බලධාරීන් පවසන්නේ,ජල සැපයුම විෂබීජහරණය කිරීම ආරම්භ කර ඇති නමුත්,මෙය මුළුමනින්ම මර්දනය කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි, නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 14:32

    Latest News