ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයක ලැව් ගිනි

අගෝ 12, 2022

    ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ලැව් ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටිනවා.

    ලැව් ගින්නෙන් හෙක්ටයාර 7400 ක පමණ වනාන්තර භූමියක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

    ලැවි ගින්න හටගෙන ඇත්තේ, ප්‍රංශයේ බෝඩෝ නුවර සිට කිලෝමීටර 30 ක් පමණ ගිනිකොන දෙසින්. නිවාස රැසක් විනාශ වී ඇති අතර, දසදහසකට අධික පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කෙරුණා. තද සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ගිනි නිවීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා. ගින්න මැඩපැවැත්වීමට ජර්මානු, පෝලන්ත සහ රුමේනියාවේ ගිනි නිවින භටයින් ද පැමිණීමට නියමිතයි. ලැව් ගින්න මැඩපැවැත්වීමට විශේෂ හෙලිකොප්ටර් යානාවක් යොදවා ඇති අතර, ග්‍රීසියෙන් හා ස්වීඩනයෙන්ද ඒ සම්බන්ධ ගුවන්යානා කිහිපයක් යොදා ගැනීමට අපේක්ෂිතයි. යුරෝපා රටවල් රැසක් ගිනි නිවීමේ මෙහෙයුම්වලට සහභාගි වීමෙන් පෙන්නුම් කරන්නේ, යුරෝපාකරයේ ඇති සහයෝගීතාව බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    Latest News