බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් වැඩිවීමේ අර්බුදයක්

සැප් 08, 2020

    බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් ඉහළයාම දැඩි අර්බුදයක් වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    එංගලන්තයේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරියා කියා සිටියේ, ජනතාව ඕනෑවට වඩා වෛරසය පිළිබඳව නොසලකා හැරීම මිට හේතුව බවයි. මහාචාර්ය ජොනතන් වෑන් ටෑම් කියා සිටියේ, කොරෝනා වෛරසය පිළිබඳව යළිත් බරපතල ලෙස සිතිය යුතු බවයි.

    එසේ නොමැති වුවහොත් බ්‍රිතාන්‍යයට ඉදිරි මාස කිහිපය තුළ විශාල කොරෝනා වෛරස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි, ඔහු අනතුරු අඟවන්නේ. මෙහිදී තරුණ පිරිස් නිරෝධායන නීති කඩකිරීම හේතුවෙන් වෛරසය පැතිරයාම ඉහළ ගොස් ඇති බවයි, බලධාරීන් පවසන්නේ.


    ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි මහචාර්ය වෑන් ටැම් සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍යයේ මේ වන විට කොරෝනා වෛරස ආසදිතයින්ගේ සංඛ්‍යාව, තුන් ලක්ෂ හතලිස් හතර දහස ඉක්මවා ඇති අතර හතලිස් එක් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 09:54

    Latest News