අමෙරිකාව යළි සඳට යෑමට සූදානම්

සැප් 03, 2020

    වසර 2024 වන විට අමෙරිකානුවන් නැවත සඳ වෙත යැවීමට උපකාරී වන බූස්ටර් රොකට්ටුවක් අමෙරිකාව සාර්ථකව අත්හදා බලා තිබේ.

    අමෙරිකාවේ ඌටා ප්‍රාන්තයේ දී මෙම අත්හදා බැලීම සිදුවිය. මෙම රොකට්ටුව දැවැන්ත බූස්ටර් දෙකකින් සමන්විතයි. නාසා ආයතනයේ දැවැන්ත අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතියේ එක් කොටසක් ලෙස මෙම බූස්ටර් රොකට්ටුව නිර්මාණය කර තිබේ. 1960 වසරේ සැටර්න් වී රොකට්ටුවෙන් පසු නිර්මාණය කරන ලද විශාලතම රොකට්ටුව මෙය ලෙසයි,සැලකෙන්නේ.

    මෙය දිගින් මීටර 54ක් පමණ වන අතර, පළලින් මීටර 4ක් වෙයි. මෙතෙක් ලොව නිර්මාණය කර ඇති විශාලතම සහ බලවත්ම බූස්ටරය ලෙස මෙය සැලකිය හැකි බවයි, විද්‍යාඥයන් පවසන්නේ. අමෙරිකානු අභ්‍යවකාශ ගවේශන ව්‍යාපෘතියේ දැවැන්ත පියවරක් ලෙස මෙම නවතම රොකට් බූස්ටර් අත්හදා බැලීම සැලකෙයි.

    Latest News