අමෙරිකාව නව සම්බාධක පැනවීමක්

සැප් 03, 2020

    අමෙරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ.

    සම්බාධක පැනවූ නිලධාරීන් අතරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන නිලධාරියෙකු වන ෆටා බෙන්සූඩා ද ඇතුළත්. මෙම නිලධාරීන්ට සම්බාධක පැනවීම පිළිබඳ අමෙරිකානු රජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ නිල වශයෙන් නිවේදනය කර තිබේ. අමෙරිකාව තම අධිකරණ බලයට අත්තනෝමතික ලෙන නතු කර ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය උත්සහ දරමින් සිටින බවටයි, රාජ්‍ය ලේකම්වරයා චෝදනා කළේ.

    අමෙරිකාව,ඇෆ්ගනිස්තානයේ දැවැන්ත යුද අපරාධ සිදුකළ බවට පවතින චෝදනාවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මේ වන විට විමර්ශන සිදු කරමින් පවතියි. නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අමෙරිකාවේ මෙම නව සම්බාධක පැනවීම දැඩි ලෙස හෙලා දැක තිබේ. 2002 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ගිවිසුම් ප්‍රකාරව ස්ථාපිත කරන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණය ජන සංහාර සහ මානව වර්ගයාට එරෙහි අපරාධ හා යුද අපරාධයන්ට එරෙහි වගකිව යුත්තන් පිළිබඳ විමර්ශනය කර ඔවුන් නීතිය ඉදිරියට ගෙන එනු ලබන ප්‍රධානතම ජාත්‍යන්තර ආයතනය ලෙසයි සැලකෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 සැප්තැම්බර් 2020 10:26

    Latest News