ඩැනියල්‌ පෲඩ්ගේ මරණයට අමෙරිකානු‌ පොලිසියේ 7කගේ වැඩ තහනම්

සැප් 04, 2020

    අමෙරිකාවේ පොලිස්‌ අත්‌අඩංගුවේ සිටියදී නිරායුධ කළු ජාතිකයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්‌ පොලිස්‌ නිලධාරීන්‌ 7 දෙනෙකුගේ වැඩ තහනම්‌ කර තිබෙනවා.

    ඩැනියල්‌ පෲඩ් නමැති මානසික ආබාධයකින්‌ පෙළුනු තරුණයෙකු මෙලෙස මියගොස්‌ තිබුණේ, පොලිස්‌ අත්‌අඩංගුවේ සිටියදී. ඒ, ඔහුගේ හිස වැසෙන ආකාරයට පොතින්‌ බෑගයක්‌ දමා තිබීම හේතුවෙනි‌. මෙය පොලිස්‌ නිලධාරීන්‌ සාමාන්‍යයෙන්‌ භාවිත කරනු ලබන ක්‍රමයක්‌. සැකකරුවන්ගේ කෙල පොලිස්‌ නිලධාරීන්‌ වෙත පැමිණීම වැලැක්වීමට මේ ක්‍රමය භාවිත කරන බවයි, විදෙස්‌ වාර්තා සඳහන්‌ කරන්නේ.

    කෙසේ වුවද, රොචෙස්ටර්‌ නගරාධිපති ලව්ලි වොරන්ට්‌ පවසන්නේ, මෙම මරණයට ද වර්ගවාදය හේතු වී ඇති බවයි. මේ සිද්ධියට සම්බන්ධ පොලිස්‌ නිලධාරීන්‌ 7 දෙනාගේ වැඩ නහනම් කිරීම විනය ක්‍රියාමාර්ගචල පළමු පියවරක්‌ බවද, ඇය සඳහන්‌ කර තිබේ.

    Latest News