ඊයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්රේලියාව ඊයේ සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ බෙංකඩේහිදී.

ඔස්ට්‍රේලියානු රජය එරට නව ගල්අඟුරු ආකරයක් සඳහා අනුමැතිය පළ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය  වාර් තාගත  ඉහළ යාමක් පෙන්නුම් කරනවා. එය ඉකුත් කාර් තුව තුළ වසර 32ක ඉහළම අගය කරා පැමිණ ඇති බවයි, වාර් තා වන්නේ.

ලෝක කුසළාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පර් ත්හි පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හතක ජයක් හිමිකර ගත්තා.

ශ්‍රී ලංකාව වෙත ලබාදෙන හදිසි මානුෂීය ආධාර ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඩක්වර්ත් ලුවීස් න්‍යායට අනුව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා (අගෝ.25) දින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සමඟ පැවති සුහද හමුවක දී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.  

දශක ගණනාවකට පසු ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ගංවතුර තත්වයේ හේතුවෙන් මේ වන විට දස දහස් ගණනක් ජනතාව අවතැන් වී සිටින බව වාර්තා වෙයි.

වසර 60කට පසු ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ජල ගැලීමේ තත්වය හමුවේ අද දිනයේ ද ගලවා ගැනීමේ කණ්ඩායම් සිය රාජකාරී ඉටු කරමින් සිටියි.

Latest News