මෝදි භාරත පුත්තු සනසවයි

නොවැ 20, 2023

    ඊයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

    ඒ ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට ලක් වූ ඉන්දීය කණ්ඩායම වෙනු‍වෙන් මෝදි මෙම පණිවුඩය යොමුකර ඇත.

    ''ආදරණීය ඉන්දීය කණ්ඩායම, ලෝක කුසලානය හරහා ඔබේ දක්ෂතා සහ අධිෂ්ඨානය කැපී පෙනුණි. ඔබ මහත් ආත්මයකින් ක්‍රීඩා කර ජාතියට ඉමහත් අභිමානයක් ගෙන දී ඇත. අපි අදත් සැමදාත් ඔබ සමග සිටිමු.''

    මේ අතර ඊයේ දිනයේදී ලෝක ශුරතාව හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය සුබපැතුම් එක්කරන්නට නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබුණා.

     

    1

    Last modified on සදුදා, 20 නොවැම්බර් 2023 09:12

    Latest News