ඉන්දියාව ආර්ථික අවපාතයකට යන ලකුණු

සැප් 02, 2020

    පසුගිය මාස තුන ඇතුළත ඉන්දීය ආර්ථිකය සියයට 23.9කින්‌ පහළ ගොස් තිබෙනවා.

    ජුනි මස අවසානය දක්වා වූ මාස තුන තුළ සිදුකළ සමීක්ෂණයකදී මෙම තත්ත්වය අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එය, 1996 අවුරුද්දේ සිට මේ දක්වා ඇති වූ දරුණුතම ආර්ථික පසුබෑම ලෙසට විදෙස්‌ මාධ්‍යය වාර්තා කරනවා. ජල ගැලීම්‌, නාය යෑම් වැනි තත්වයන්ට අමතරව, කොරෝනා බලපෑම ආර්ථිකයට තදින්ම හානිදායක වී තිබෙනවා.

    ඉන්දියාව විසින් කාර්තුමය වශයෙන් ආර්ථික දත්ත නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ දරුණුතම පසුබෑම මෙය බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්. කොරෝනා වසංගතය හේතුවෙන් ක‍්‍රියාත්මක කළ අගුලූ දැමීම් මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

    මෙම ආර්ථික කඩා වැටීම ඉදිරි කාර්තුවේදී ද වාර්තා කළහොත් පමණක් ඉන්දියාව ආර්ථික අවපාතයකට ලක්වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පැවසුවේ. අඛණ්ඩව කාර්තු දෙකක් තුල ආර්ථිකයේ පහල යාමක් වාර්තා කරන්නේ නම් රටක් ආර්ථික අවපාතයක පවතින බවට සැලකෙනවා. ඉන්දියාවේ අවසන් වරට ආර්ථික අවපාතයක් සිදුව ඇත්තේ 1980 දීයී.

    Latest News