මහා බාධක කොරල් පරය අවදානමේ

අගෝ 09, 2024
    ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ආශ්‍රිත උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව පර්යේෂකයින් පවසනවා.
    ඔවුන් පෙන්වා දෙන්නේ, වසර 400 කට පසු එම කොරල් පරය ආශ්‍රිතව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය මෙය බවයි.
    ලොව විශාලතම කොරල් පර පද්ධතිය වන ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය හා ඒ ආශ්‍රිතව වාර්තාගත උෂ්ණත්වයක් හටගෙන ඇති බව ඔස්ට්‍රේලියානු පර්යේෂකයින් පවසනවා.
    ශතවර්ෂ ගණනාවක් ඉපැරණි මෙම කොරල්පරයෙන් ලබාගත් නව සාම්පල අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, අධික උෂ්ණත්වය හේතුවෙන් එය විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවයි.
    කොරල් පර අනුවර්තනය වී ඇත්තේ නිශ්චිත උෂ්ණත්ව පරාසයක් තුළ වර්ධනය වීමටයි.
    මෙලෙස උෂ්ණත්වය ඉහළ යාම, මහා බාධක කොරල් පරය හා ඒ අවට සාගර ජීවන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    Latest News