බෙලරුස් විරෝධතා තවදුරටත්

අගෝ 11, 2020

    බෙලරුස් රාජ්‍යයේ ජනාධිපිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහි විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

    විරෝධතා ඊයේ පැවැත්වුණේ, දෙවැනි දිනටයි. පසුගියදා පැවති ඡන්ද විමසුමෙන් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ජයග්‍රහණය කිරීමත් සමග මෙම විරෝධතා හටගැනිණ. එහිදී ජනාධිපතිවරයා 80%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අතර බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ මැතිවරණය ඉතා දුෂිත එකක් වූ බවයි.

    ප්‍රතිවාදී අපේක්ෂිකා ස්වෙට්ලානා ටිකනොව්ස්කායා මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා තමා බව කියා සිටියේය. මෙම මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නා බවත් ඇය සඳහන් කළාය. පසුගිය දිනවල පැවති විරෝධතාවලට පොලීසියෙන් දැඩි ප්‍රහාර එල්ල වූ අතර විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම ද සිදු කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 11:44

    Latest News