ලෙබනනයේ රජය ඉල්ලා අස්වෙයි

අගෝ 11, 2020

    ලෙබනනයේ බීරුට් අගනුවර පිපිරීම සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා නිසා එරට රජය ඉල්ලා අස්වී තිබේ.

    ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පසුගිය 4 වැනිදා සිදුවූ පිපිරීමෙන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ සංඛ්‍යාව දහස් ගණනක්.

    අග්‍රාමාත්‍ය හසන් ඩයාබ් ඊයේ ජාතිය අමතමින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. එහිදී ඔහු කියා සිටියේ, ලෙබනනයේ වංචාව හා දූෂණය රටටත් වඩා විශාල බවයි. රජයට ඉල්ලා අස්වන ලෙස පසුගිය දින කිහිපය පුරා දැඩි උද්ඝෝෂණ පැවැත්විණ. එහිදී පොලීසිය හා විරෝධතාකරුවන් අතර දැඩි ගැටුම්ද හටගත් බවයි වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 11:44

    Latest News