ට්‍රම්ප්ගේ මාධ්‍ය සාකච්ජාව අතර තුර වෙඩි තැබීමක්

අගෝ 11, 2020

    අමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක් සිදුව තිබේ. ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් පවත්වන අතරතුරයි.

    සිද්ධිය වාර්තා වූ වහාම ආරක්ෂක අංශ විසින් ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ජාවෙන් ඉවත් කරගනු ලැබීය. එම අවස්ථාවේ ධවල මන්දිරය සම්පූර්ණයෙන්ම වසා දැමූ බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    කෙසේ වුවද සුලු වේලාවකට පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාව වෙත යළි පැමිණ තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ආයුධ අතැතිව සිටි අයෙකුට ආරක්ෂක අංශ වෙඩි තබා ඇති බවයි.

    Latest News