අමෙරිකාවේ කොරෝනා මරණ 150,000 ඉක්මවයි

ජූලි 30, 2020

    අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 45න් ලක්‍ෂ 68,000 ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 66,921ක්. එම කාලසීමාව තුළ එරට සිදුවූ මරණ සංඛ්‍යාව 1,485ක්. අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය වැඩිම ප්‍රාන්ත ලෙස, ෆ්ලෝරිඩා, කැලිෆෝනියා සහ ටෙක්සාස් සැලකේ.

    මේ අතර අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි පවසන්නේ, එහි කාර්ය මණ්ඩලය සහ සාමාජිකයන් එය අනිවාර්යයෙන්ම පැළඳිය යුතු බවයි. මුව ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළ රිපබ්ලිකන් නියෝජිත ලුයි ගොමර්ට් කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.

    Latest News