මැමත් ඇතෙකුගේ අස්ථි පද්ධතියක් රුසියාවෙන් සොයා ගනී

ජූලි 29, 2020

    ලොම් සහිත මැමත් ඇතෙකුගේ අස්ථි පද්ධතියක් රුසියාවෙන් සොයා ගෙන තිබේ.

    මෙම සත්වයා පෘථිවියේ ජීවත්වුවා යැයි සැක පළ කරන්නේ මීට වසර දස දහසකට පෙරයි.

    උතුරු සයිබීරියානු විලක නොගැඹුරු ප්‍රදේශයක තිබී අස්ථි පද්ධතිය සොයා ගැණින. මෙම අස්ථි පද්ධතියේ මෘදු පටක පවා තිබේ. එය විශේෂ ලක්‍ෂණයක් බව විද්‍යාඥයන් පවසයි. මඩ තුළ තිබූ බැවින් ඒවා ආරක්‍ෂා වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

    එම පටකවලින් එවකට ජීවත් වූ මැමත් නමැති අලි විශේෂය පිළිබඳ සුවිශේෂි කරුණු රැසක් හෙළිදරව් කර ගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයන් පවසයි. දැවැන්ත හිස්කබල, ඉල ඇට සහ තවත් අස්ථි කොටස් ගණනාවක් සොයා ගැණින. අස්ථිවලින් කියැවෙන්නේ, මෙම සත්වයා පෘථිවියේ ජීවත් වූයේ කුමන කාලයක ද යන්න පිළිබඳ නිගමනය කළ නොහැකි බවයි.

    Latest News