කොවිඩ්19 වසංගතයෙන් ලොව බේරා ගැනීමට අවදියෙන් කටයුතු කරන්න - WHO

ජූලි 04, 2020

    භූමියේ සැබෑ තත්වය අවබෝධ කර ගනිමින් කොරෝනා වසංගතයෙන් ලොව බේරා ගැනීම සඳහා දැන්වත් අවදියෙන් කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    විශේෂයෙන් වෛරසය හේතුවෙන් දැනටමත් ප්‍රබල ලෙස පීඩා විඳින රටවල් සිය බහින්බස්වීම් නවතා දමා, වැඩි අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.

    ලෝකයේ ඇතැම් රටවලින් දෛනිකව හඳුනා ගැණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හා රටවල් රැසක මේ වනවිට වෛරසයේ දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වීම ඊට හේතුවයි. වෛද්‍ය මයික් රයන් එම අදහස් පළ කළේ, ස්විට්සර්ලන්තයේ ජිනිවාහි එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී.

    ඔහු වැඩි දුරටත් පවසන්නේ, අත්හදා බලමින් පවතින කොවිඩ් 19 එන්නත මහා පරිමාණයෙන් බෙදා හැරීමට හැකි දිනයක් පිළිබඳ අනාවැකි කීම අඥාණ කටයුක්තක් බවයි. මේ වසර අවසාන වනවිට එහි එලදායිතාව පෙන්විය හැකි වුවද, එය කෙතරම් ඉක්මණින් මහා පරිමාණයෙන් නිපදවිය හැකිද යන්න ප්‍රකාශ කිරීම ගැටලුවක් බව ද ඔහු පවසයි. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රෝන් අද්නාම් ජිනිවාහිදී ප්‍රකාශ කළේ, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එලදායී විය හැකි ඖෂධවල සායනික අත්හදා බැලීම්වල මුලික ප්‍රතිඵල තව සති දෙකක් ඇතුලත අපේක්‍ෂා කළ හැකි බවයි.

    Latest News