යුරෝපා රට වලින් වසංගත පාලනයට දැඩි පියවර

ජූලි 27, 2020

    යුරෝපා රටවල නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යෑමත් සමඟ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ ඔස්ට්‍රියාව ඇතුළු රටවල් දැඩි වසංගත පාලන පියවර ප්‍රකාශයට පත් කරයි.

    ස්පාඤ්ඤයේ වසංගතය යළිත් දරුණු වීම හේතුවෙන් ස්පාඤ්ඤය සිය ආරක්ෂිත සංචාරක ලැයිස්තුවෙන් ඉවත් කරන බව බ්‍රිතාන්‍ය රජය පසුගිය 25 වන දින ප්‍රකාශ කළේය.

    ජර්මනියෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සාමාන්‍යයෙන් පෙර සතියේ දිනකට 500 සිට පසුගිය සතිය වනවිට 800 දක්වා ඉහළ ගොස් ඇති බව ජර්මන් වසංගත පාලන ඒජන්සියක් වන Robert Koch ආයතනය පසුගිය 25 වැනි දින පැවසීය.

    ඔස්ට්‍රියාවේ වසංගතය යළිත් නරක අතට හැරී ඇති අතර පොදු ස්ථානවල මුඛ ආවරණ පළඳින ලෙසට රජය ජනතාවට අවධාරණය කර ඇත.

    අමරිකාව, බ්‍රසීලය ඇතුළු අධි අවදානම් සහිත රටවල් 16 ක මගීන්ට ගුවන් තොටුපලේ නියුක්ලෙයික් අම්ල පරීක්ෂණ ප්‍රංශය විසින් අනිවාර්ය කර තිබේ.

    දකුණු ඉතාලියේ Campania හි පසුගිය 25 වැනි දින දැඩි වසංගත පාලන පියවර ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

    එදින සිට ගෘහස්ථ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර, එය කඩ කරන පුද්ගලයන්ට යුරෝ 1,000 ක් දක්වා දඩ මුදලක් නියම කළ හැකිි.

    Latest News