තවත් පළමු හමුවක්

ජූලි 09, 2020

    මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්රෙස් මැනුවෙල් ලෝප්ස්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසී තිබේ.

    මෙක්සිකේ ජනාධිපතිවරයා, ජනාධිපති ට්‍රම්ප් මුණගැසුණු පළමු අවස්ථාව මෙයයි. විචාරකයින් පවසන්නේ, මේ හමුව ද්විපාර්ශවික සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට ඉවහල්වනු ඇති බවයි. ජනාධිපති ට්‍රම්ප් අමෙරිකා - මෙක්සිකෝ දේශසීමා අතර විශාල තාප්පයක් ඉදිකිරීම පිළිබඳව ඉකුත් වසරේ දැඩි අවදානයක් යොමු කර තිබුණ ද ඊට අවස්ථාව හිමි නොවීය.
    අමෙරිකා - මෙක්සිකෝ රාජ්‍ය නායකයන්ගේ මෙවර හමුව අමෙරිකා, මෙක්සිකෝ සහ කැනඩා වෙළෙඳ ගනුදෙනුවේ ආරම්භය සනිටුහන් කිරීමේ අරමුණෙන් සැලසුම් කරන ලද්දක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 12:19

    Latest News