ඉන්දියාව, මීළඟ කොරෝනා කේන්ද්‍රස්ථානය වීමේ අවදානමක

ජූලි 10, 2020

    ඉන්දියාව, මීළඟ කොරෝනා කේන්ද්‍රස්ථානය වීමේ අවදානමකට ගොදුරුව ඇතැයි, එරට සෞඛ්‍ය බලධාරීන්‌ පවසනවා.

    ලොව කොරෝනා ආසාදිත ලැයිස්තුවේ ඉන්දියාව පසුවන්නේ තුන්වැනි ස්ථානයේ.

    ලොව දෙවනුවට වැඩිම ජනගහණයක්‌ සිටින ඉන්දියාවේ කොරෝනා ආසාදිනයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන්‌ ඉහළ ගොස්‌ තිබෙනවා. වෛරසය මර්දනය කිරීමට ක්‍රියාමාර්ග රැසක්‌ ගෙන ඇතත්‌, ඒවා මුළුමනින්ම අසාර්ථක වුණා. විදෙස්‌ මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියාවේ කොරෝනා පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම ඉතා පහළ මට්ටමක පවතින බවයි. එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 798,128‌. මරණ සංඛ්‍යාව, 21654 ක්‌.

    Latest News