අමෙරිකාවේ ආසාදිතයින් 31 ලක්ෂය ඉක්මවයි

ජූලි 09, 2020

    අමෙරිකාවේ කොරෝනා වෛරසයට ගොදුරු වූ සමස්ත සංඛ්‍යාව 31 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඉකුත් පැය 24 තුළ එරටින් හඳුනා ගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 61,848ක්.

    කොරෝනා වෛරසයෙන් මේ වන විට වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ, ලෝක බලවතා වන අමෙරිකාවයි. එරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 34,000 ඉක්මවා ගොස් තිබේ. ඒ ඉකුත් පැය 24 තුල සිදුවූ මරණ 890 ද සමගයි.

    පසුගිය දින කිහිපය පුරා දෛනික ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එරටින් වාර්තා වූ අතර ආසාදිතයන් වැඩිම ලැයිස්තුවේ පළමු තැන පසුවන්නේ, අමෙරිකාවයි.

    කෙසේ වුවද, දිනෙන් දින ඉහළ යන වෛරස ආසාදිතයන් සංඛ්‍යාව නොතකා අමෙරිකාව තවදුරටත් නැවත විවෘත කිරීමේ කටයුතු සිදු කරමින් සිටියි. එරට පාසල් ද ඉදිරි කාලසීමාවේ දී ආරම්භ කිරිමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 11:54

    Latest News