නව කොරොනා වසංගතය තවදුරටත් පැතිර යනු ඇති බවට අනතුරු ඇගවීම්

ජූලි 08, 2020

    නව කොරොනා වසංගතය පැතිර යාම තවමත් ඉහළම මට්ටමට ළඟා වී නැතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු අඟවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ (7) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

    නව කොරොනා වසංගතය පෙරට වඩා වේගවත්ව පැතිර යමින් පවතී.

    එහෙත් එය තවමත් ඉහළ ම මට්ටමට ළඟා වී නැතැයි හෙතෙම එහිදී සඳහන් කළේය.

    මේ වනවිට ලෝකයේ නව කොරොනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 11.4කි.

    ඉන් ලක්ෂ 5.35කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි ව්‍යාපෘති පිළිබඳ විධායක අධ්‍යක්ෂ Michael Ryan මහතා පැවසුවේ පසුගිය අප්‍රේල් මස හා මැයි මස කාලය තුළදී දිනක් තුළ අලුතින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ බවයි.

    එහෙත් දැනට වාර්තාවන එම සංඛ්‍යාව ලක්ෂ 2කි.

    එම සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවීමත් සමග මරණ සංඛ්‍යාව වැඩි වනු ඇතැයි, හෙතෙම අනතුරු අඟවා ඇත.

    එමෙන්ම,ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නව කොරොනා වෛරසය වාතය හරහා පැතිර යාම පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිචාර දැක්වීය.

    වාතය හරහා එම වෛරසය පැතිර යාමේ සාක්ෂි කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණය කරමින් සිටී.

    එමෙන්ම, විද්‍යාඥයන් සමග අදහස් හුවමාරු කර ගනිමින් නව කොරොනා වෛරසය පැතිර යාමේ මාර්ග පිළිබඳ නිවේදනයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නුදුරේදීම නිකුත් කරනු ඇතැයි ද එහිදී ප්‍රකාශ කෙරිණ.

     

    Latest News