ටොන් මිලියන 53.6ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට

ජූලි 03, 2020

    පසුගිය වසරේදී ලොව තුළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් මිලියන 53.6 ක් පරිසරයට මුදාහැර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

    ඉන් ප්‍රතිචක්‍රීකරණයට ලක්කර ඇත්තේ, ටොන් මිලියන 17.4 ක් පමණක් වන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

    ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් පරිසරයට මුදාහරින රටවල් ලෙස චීනය, ඉන්දියාව හා අමෙරිකාව දක්වා තිබේ.

    වාර්තාවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් සියයට 38 ක් එම රටවල් මුදාහරින බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවේ දැක්වෙන්නේ.

    ගෝලීය උෂ්ණත්වය ඉහළයාම ඇතුළු පාරිසරික ආපදාවන් රැසකට මේ හේතුවෙන් මුහුණදීමට සිදුව තිබෙනවා.

    Latest News