කාන්තාවන්ට වඩා පිරිමින්ට කොවිඩ්19 මරාන්තිකයි

ජූනි 22, 2020

    ලොව පුරා කාන්තාවන්ට වඩා පිරිමින් කොවිඩ් රෝගයෙන් මියයන බව, නවතම වාර්තාවකින් හෙළි වී තිබේ.

    ඉතාලිය, චීනය සහ අමෙරිකාව වැනි රටවල වෛරසය ආසාදනය වූ පිරිමි පුද්ගලයන්ගේ බහුතරයක් මියගොස් තිබේ. ඊට සාපේක්‍ෂව අසල්වැසි ඉන්දියාවේ මේ තත්වයේ කැපී පෙනෙන වෙනස්කමක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්. ඉන්දියානු සහ අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, පිරිමින් බහුතරයකට වෛරසය ආසාදනය වුවද ඉන් මියයාමේ අවදානම පිරිමි පුද්ගලයන්ට සාපේක්‍ෂව කාන්තාවන්ට ඉහළ බව එම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ වෛරසය ආසාදනය වූ කාන්තාවන්ගෙන් 3.3%ක ප්‍රමාණයක් මියගොස් ඇති බවයි. නමුත් වෛරසය ආසාදනය වූ පිරිමි පුද්ගලයන්ගේ මරණ අනුපාතය 2.9%ක්.

    Latest News