අමෙරිකාවේ ඊයේ ආසාදිතයින් 19,790ක්

මැයි 26, 2020

    අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව දාහත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    එරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 19,790 දෙනෙක්. අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට දාහත් ලක්ෂ 6,226ක් බවට, පත්ව තිබේ. ඉකුත් 24 තුළ මරණ 505ක් වාර්තා වූ අතර, මරණ සංඛ්‍යාව 99,805ක් දක්වා ඉහළ ගොස් ඇත. වෛරසය පැතිර ගිව රටවලින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ, අමෙරිකාවය.

    එරට නිව්යොර්ක් ප්‍රාන්තයෙන් පමණක් මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයන් තුන් ලක්ෂ 67,625 දෙනෙකු සොයා ගෙන තිබේ. වෛරසය ආසාදිත වූ අමෙරිකාවේ භාර ලක්ෂ 61,000ක පිරිසක් පූර්ණ සුවය ලබා සිටියි.

    Latest News