කොවිඩ් 19 නිසා ශ්‍රී ලංකාව තුළ මරණ 10

මැයි 25, 2020

    කොවිඩ් 19 නිසා ශ්‍රී ලංකාව තුළ සිදු වූ 10 වැනි මරණය අද වාර්තා විය.

    ඒ කුවේට් සිට පැමිණි 51 හැවිරිදි කාන්තාවක්. ඇය කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේම මියගොස් තිබේ. ඇයට කොවිඩ්19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.

    මේ අතර මෙරට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු සංඛ්‍යාව 1162 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් රෝගීන් 14 දෙනෙකු අද පස්වරුවේ වර්තා වීමත් සමගයි.

    Latest News