කොරෝනා ආසාදිතව මියගිය 4වැනියාගේ අවමංගල්‍යයත් 

අප්‍රේ 03, 2020

    දිවයිනේ කොරෝනා වෛරසය ආසාදිතව මරණයට පත් සිව්වැනි රෝගියාගේ අවමංගල්‍ය අද සිදු කෙරිණ.

    අවසන් කටයුතු සිදු කෙරුණේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන්. මුද්‍රා තැබුණු දේහයේ මුහුණ පමණක් සුළු වේලාවක් බැලීමට පවුලේ ඥාතීන් දෙදෙනෙකුට පමණක් අවසර හිමි වූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

    ඊයේ රාත්‍රී මෙලෙස මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ. කොවිඩ් 19 නිව්මෝනියා තත්වය උත්සන්න වීමෙන් මෙම රෝගියාගේ මරණය සිදුව ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

    අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ, ඊට අමතරව ඔහු දියවැඩියාව හා අධිරුධිර පීඩනය යන රෝගවලට ද ගොදුරුව සිටි අයෙකු බවයි.
    ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් බව ද වාර්තා වෙයි.

     

     

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 16:29

    Latest News