ඉන්දුනිසියාවේ “මෙරාපි” සක්‍රිය වෙයි

ජූනි 22, 2020

    ඉන්දුනිසියාවේ “මෙරාපි” ගිනිකන්ද විධාරණය වී තිබේ. ඊයේ දෙවරක් එය විධාරණය වූ බව, විදෙස් වාර්තාවල සඳහන්.

    “මෙරාපි” ගිනිකන්ද ලොව වඩාත් සක්‍රීයම ගිනි කඳු අතරින් එකක්. ගිනිකන්ද ඊයේ විධාරණයවීමත් සමඟ මීටර් 6000ක් පමණ ඉහළට අළු සහ දුමාරය පැතිරුණු බව, විදෙස් වාර්තාවල සඳහන්. කිසිදු ජිවිත හානියක් වාර්තා වන්නේ නොමැත. යෝගියාකාර්තා සහ සොලෝ නගර ආසන්නයේ පිහිටා ඇති මෙම ගිනිකන්ද 2010 වසරේ පුපුරා යාමෙන් 350කට අධික පිරිසක් මියගියේය. ඉකුත් මාර්තු මාසයේ ද “මෙරාපි” ගිනිකන්ද විධාරණය විය. ඉන්දුනිසියාවේ සක්‍රීයව පවතින ගිනි කඳු සංඛ්‍යාව 130කට ආසන්නවේ.

    Latest News