පැය 24ට වැඩිම කොරෝනා මරණ එක්සත් රාජධානියෙන්

අප්‍රේ 20, 2020

    ඉකුත් පැය 24 තුළ යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, එක්සත් රාජධානියෙන්.

    එම සංඛ්‍යාව 596ක්. ඒ අනූව එරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව දහසය දහස ඉක්මවයි. කොරෝනා මරණ 15,000 සීමාව ඉක්මවූ 5 වැනි රට බවට පත්ව ඇත්තේ එක්සත් රාජධානියයි. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ විසි දහස ඉක්මවා ඇත්තේ, ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයන් 5,850 සමගයි.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 12:38

    Latest News