එක්සත් ජනපදයේ ආසාදිතයින් යළි ඉහළට

ජූනි 13, 2020

    එක්සත් ජනපදය පුරා සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් නැවත ඇරඹීමත් සමග දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ද ඉහළ ගොස් තිබේ.

    මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා ගිහින්. ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ තහවුරු කිරීම්වලට අනූව අමෙරිකාවෙන් මේ වන විට කොරෝනා රෝගීන් විසි එක් ලක්ෂ දහසය දහස් නවසිය විසි දෙනෙකු වාර්තා වී තිබේ.

    ඉන් මරණයට පත් සංඛ්‍යාව එක් ලක්ෂ දහසය දහස් අටසිය විසිපස් දෙනෙක්. අමෙරිකාව තුළ හටගත් සමාජීය ගැටුම් හා විරෝධතා හමුවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබිණ. ෆ්ලොරීඩා, දකුණු කැරොලිනා හා ඔරිගන් යන ප්‍රදේශවලින් දිනපතා හමුවන ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගිහින්.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 12:47

    Latest News