කොවිඩ්19 නිසා අමෙරිකාවේ ඉකුත් පැය 24 තුළ 1063ක් මරුට

ජූනි 10, 2020

    කොවිඩ්-19 රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ අමෙරිකාවේ 1063 දෛනෙකු මියගොස් තිබේ.

    එම සංඛ්‍යාවත් සමඟ අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 14, 118 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. එරට පවතින වත්මන් විරෝධතා රැල්ල හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වර්ධනය වී තිබේ. ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිත සංඛ්‍යාව 17,410ක්. අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව විසි ලක්‍ෂ 45,549ක්. සම්පූර්ණ සුවය ලැබූ පිරිස හත් ලක්‍ෂ 88,862ක්.

    Latest News