ගෝලීය ආර්ථිකය මේ වසරේ 5.2%කින් පහළ යා හැකියි - ලෝක බැංකුව

ජූනි 10, 2020

    ගෝලීය ආර්ථිකය මේ වසරේ 5.2%කින් පහළ යා හැකි බව ලෝක බැංකුව පවසයි.

    මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇති වූ දරුණුම ගෝලීය ආර්ථික අවපාතයයි. රටවල් බහුතරයක් නිරෝධායන නීති පැනවීමට හා ප්‍රදේශ වසා දැමීමට පියවර ගත්තේය. මෙය, ආර්ථික අර්බුදයට මූලික හේතුවයි. 2009 වසරේදී ආර්ථිකයේ ඇති වූ ගෝලීය අවපාතය මෙන් තුන් ගුණයක් මේ වසර තුළ බලාපොරොත්තු විය හැක. වෛරසය පැතිරීම අඩුවීමත් සමඟ ලබන වසරේදී ගෝලීය ආර්ථිකය 4.2%කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුවේ උපකල්පනයයි.

    Latest News