ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන චීන සිසුන්ට අනතුරු ඇඟවීමක්

ජූනි 10, 2020

    කොවිඩ්-19 වසංගත සමයේ දී ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම අවදානම් සහගත යැයි, චීනය පවසයි.

    සිය සිසුන්ට අනතුරු ඇඟවීම් නිකුත් කරමින් එරට අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ, ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට පෙර යළි ඒ ගැන සිතා බැලිය යුතු බවයි.

    ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දමා තිබේ. ඒවා ජුලි මාසයෙන් පසු කඩින් කඩ විවෘත කිරීමට නියමිතවේ. එරට විශ්වවිද්‍යාල බහුතරයක විදෙස් රටවල සිසුන්ගේ නියෝජනයක් පවතී. චීන සිසුන් ද එහි විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබයි. එහෙත්, ඔස්ට්‍රේලියාව ආසියානු සිසු-සිසුවියන් සඳහා කොවිඩ්-19 රෝගය හේතුවෙන් වෙනස් කොට සැලකීමට පියවර ගෙන ඇතැයි යන්න චීනයේ චෝදනාවයි.

    Latest News