බ්‍රිතාන්‍යයේ සිල්ලර වෙළදාමටත් අවසර

මැයි 26, 2020

    බ්‍රිතාන්‍යයේ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙඳාම් ජුනි 15 සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබේ.

    අගමැති බොරිස් ජොන්සන් මේ බව නිවේදනය කර ඇත්තේ, ඊයේ දිනයේදී. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, කොරෝනා වෛරසයට එරෙහිව ගෙන යන සටනේ තවත් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ කටයුතු ආරම්භ කිරීම පෙන්වා දිය හැකි බවයි.

    කෙසේ වුවද, වෙළෙඳුන් හා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ ඉදිරියේ දී හඳුන්වා දෙන අතර, වෙළෙඳ කටයුතු ඒ අනූව සිදු කළ යුතු බව, අගමැති බොරිස් ජොන්සන් අවධාරනය කරයි. බ්‍රිතාන්‍යයෙන් මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 261,184 දෙනෙකු වාර්තා වී තිබේ. මරණ සංඛ්‍යාව සටහන් වන්නේ, 36,914ක් ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 26 මැයි 2020 12:00

    Latest News