හෙට අමෙරිකානුවන් දෙදෙනෙක් SpaceX බලා පිටත්ව යයි

මැයි 26, 2020

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) යනු අභ්‍යවකාශයෙහි රඳවා ඇති පර්යේෂණාගාරයකි.

    එය ගමන් කරමින් ඇත්තේ පෘථිවියේ සිට කි.මී. 400 ක් පමණ ඉහළිනි.

    විවිධ රටවල අභ්‍යවකාශගාමීහු වරින් වර එහි යමින් විවිධ පර්යේෂණ කටයුතුවල නිරත වෙති.

    මේ ආකාරයෙන් තවත් අමෙරිකානු අජටාකාශගාමීන් දෙදෙනකු 27 වැනි දින මෙම අභ්‍යවකාශ පර්යේෂණාගාරය බලා පෘථිවියෙන් පිටත්වීමට නියමිතයි.

    ඒ ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් යන දෙදෙනායි.

    Latest News