ඔස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට දැවැන්ත සුළි කුණාටුවකින්‌ බලපෑම්‌

මැයි 25, 2020

    ඔස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට දැවැන්ත සුළි කුණාටුවකින්‌ බලපෑම්‌ එල්ල වී තිබේ.

    මෙවැනි සුළි කුණාටුවකින්‌ එම ප්‍රදේශයට බලපෑම්‌ එල්ල වූයේ දශකයකට පමණ පසුව බවයි, එරට කාලගුණ විද්‍යාඥයන්‌ පවසන්නේ.

    කුණාටුව, ඔස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරය හරහා පර්ත්‌ නගරය වෙත හමාගොස්‌ තිබේ. පැයට කිලෝමීටර 117ක තද සුළං සමගින්‌ කුණාටුව පර්ත්‌ නගරය හරහා මෙම "මැන්ගා" නමින් හැඳිනවන සුළි කුණාටුව හඹා ගොස් ඇත. ඒ හේතුවෙන්‌ ඔස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට ධාරානිපාත වැසි ඇති වී ඇති අතර වෙරළබඩ ප්‍රදේශයන්හි අඩි 265 ක පමණ උදම් රල ඇති වූ බව ද විදෙස්‌ වාර්තාවල සඳහන්‌. සාමාන්‍යයෙන්‌ ඔස්ට්‍රේලියාවට නිරත දිගින්‌ සුළි කුණාටු තත්ත්වයන්‌ ඇතිවන නමුත්‌ මැන්ගා සුළි කුණාටුව වයඹ දිගින්‌ ඇති වූ බවයි, කාලගුණ අංශ පවසන්නේ. මේ හේතුවෙන්‌ බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්‌ නිකුත්‌ කර ඇති අතර නිවාස සහ ව්‍යාපාරික ස්ථාන හැටදහසක පමණ මේවන විටත්‌ විදුලි ඇනහිටීම්‌ වාර්තා වේ. ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ, එළඹෙන සතිය තෙක්‌ මෙම තත්ත්වය පවතිනු ඇති බවයි.

    Latest News