බෙන්ජමින්‌ නෙනන්යාහුට එරෙහි දූෂණ චෝදනා නඩුව ඇරඹේ

මැයි 25, 2020

    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින්‌ නෙනන්යාහුට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගය ජෙරුසෙලම්‌ හිදී ඊයේ ආරම්භ විය.

    අපරාධ සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන්‌ ධුරයේ සිටියදී නඩු විභාගයකට මුහුණදුන්‌ එරට පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස නෙනන්යාහු සැලකේ.

    වසරක්‌ වැනි කාලයක්‌ තුළ ඊශ්‍රායලයේ පැවති මැතිවරණ තුනකින්‌ අනතුරුව බලය බෙදා ගැනීමේ විශේෂ ගිවිසුමකින්‌ බෙන්ජමින්‌ නෙතන්යාහු නැවතත්‌ එරට අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කළේ, මීට සතියකට පමණ ඉහතදීය. අල්ලස්‌, වංචා සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ අග්‍රාමාන්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඊයේ ඇරඹී නඩු චිභාගයට අග්‍රාමාත්‍යවරයා සිය ලිකුඩි පක්ෂයේ අමාත්‍යවරුන්‌ සමග සහභාගී වී සිටියේය. ඊයේ නඩු විභාගයේ ප්‍රමුඛත්වය හිමි වී තිබුණේ, අග්‍රාමාත්‍යවරයා සහ අනෙක්‌ විත්තිකරුවන්‌ තිදෙනා තමන්ට එරෙහිව ඇති චෝදනා කියවා තේරුම්‌ ගත්‌ බව, පිළිගැනීම සඳහායි. ඉන්‌ අනතුරුව අග්‍රාමාත්‍ය නෙනන්යාහු වෙනුවෙන්‌ පෙනී සිටි නීතීඥ මිචා ෆෙට්මන්‌ ඉල්ලා සිටියේ මෙහි සාක්ෂි විභාගය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වුවන්‌, තිපුද්ගල විනිසුරු මඩුල්ල නඩු විභාගයේ මීළඟ සැසිවාරය එළඹෙන ජුලි 19 වැනි දිනට නියම කර තිබේ. නඩු විභාගය, පැවැත්වෙන අනරතුර බෙන්ජම්න්‌ නෙනන්යාහුට සහය පළකරමින්‌ මෙන්ම විරෝධය පළ කරමින්‌ ද රට පුරා ජනතා රැළි ක්‍රියාන්මක වූ බව, විදෙස්‌ වාර්තාවල සඳනන්‌.

    Last modified on සදුදා, 25 මැයි 2020 14:43

    Latest News