අමෙරිකාවෙන් බ්‍රසීලයට නව සංචාරක සීමා

මැයි 25, 2020

    කොරෝනා වෛරස් ව්‍යාප්ති පාලනයට බ්‍රසීලය සඳහා නව සංචාරක සීමාවන් පැනවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

    ඒ අනුව, ඉකුත් දින 14 තුළ බ්‍රසීලයේ සංචාරය කළ පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

    මේ අනුව අමෙරිකාවට ඇතුළුවීමට අවසර ඉල්ලීමට සති දෙකකට පෙර බ්‍රසීලයේ රැඳී සිටි අමෙරිකානුවන් නොවන සියළු දෙනාට අදාළ තහනම බල පැවැත්වෙනු ඇත. කෙසේ වුවත්, දෙරටේ වෙළෙඳ ක්ෂේත්‍රයට මෙමගින් බලපෑමක් ඇති නොවන බව විදෙස් වාර්තාවල සඳහන්.

    එළඹෙන 28 වැනිදා සිට මෙම තහනම බලපැවැත්වීමට නියමිතයි. සංචාරක තහනම අමෙරිකානු පුරවැසියන්ට හෝ ඔවුන්ගේ අඹුසැමියන්ට, දෙම්පියන්ට, නෛතික භාරකරු, දරුවන්ට සහ වයස 21ට අඩු සහෝදර-සහෝදරියන්ට බල නොපැවැත්වීම විශේෂත්වයක්.

    Last modified on සදුදා, 25 මැයි 2020 18:03

    Latest News